Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රවීගේ නඩුව පෙබරවාරි 06 යළි කැඳවයි

10 months ago

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක සහ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවන ලදී.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් සාක්ෂි මෙහෙයවීම සහ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත. ඒ අනුව අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 06 වනදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය. මෙම නඩුව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා මත පදනම්ව ගොනු කර ඇත්තකි.