Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද කාලගුණ නිවේදනය

10 months ago

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් පවසයි.

විශේෂයෙන් උඩරට ප්‍රදේශවල සීතල කාලගුණය තවදුරටත් පවතින අතර, මධ්‍යම කඳුකරයට බලපාන විශේෂ තත්ත්වයන් කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

අධික ශීතල තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හිමිදිරි උදෑසන කාලයේදී මල්තුහීන (Ground Frost) ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අලුයම් කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, එම ප්‍රදේශ පහත පරිදි වේ:

  • බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්.
  • ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක.

මාර්ග භාවිතා කරන්නන්, විශේෂයෙන් මීදුම් සහිත අවස්ථාවලදී රිය ධාවනය කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දෙනු ලැබේ.