Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන දිනය

10 months ago

ශ්‍රී ලංකාවේ රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා හඳුන්වා දෙන අකුසලතා ලකුණු (Demerit Points) ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ගව්පේ (GovPay) පද්ධතිය හරහා දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතය. එම පද්ධතිය සාර්ථකව ස්ථාපිත කිරීමෙන් අනතුරුව, මාර්ග නීති කඩ කරන රියදුරන්ගේ බලපත්‍රවලට අදාළව අකුසලතා ලකුණු ලබාදීම ආරම්භ කෙරේ.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ නව පරීක්ෂණ උපකරණයක් පොලිස්පතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත අතර, එය හෙට සිට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බස් රථ ඇතුළු රථ වාහනවල සවිකර ඇති, මාර්ග ආරක්ෂාවට බාධා පමුණුවන අනවශ්‍ය උපාංග (Extra Fittings/Decals) ඉවත් නොකර ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.