Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාව සතු උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ලංකාවේදී

10 months ago

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට වැඩම කරනු ලබන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් මෙවර ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලබන පෙබරවාරි මස 04 වැනිදා සිට සතියක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම පින්කම පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා අද (17) මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන්නේය.

පසුගිය අප්‍රේල් මස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම දුර්ලභ අවස්ථාව මෙරට බැතිමතුන්ට හිමිව තිබේ.

සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවේ සිට පෙබරවාරි 04 වැනිදා පෙරවරු 11.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩමවීමට නියමිතය.

  • ප්‍රදර්ශනය ආරම්භය: පෙබරවාරි 04 වැනිදා පස්වරු 3.00 ට.
  • ස්ථානය: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය.
  • කාලසීමාව: පෙබරවාරි 04 සිට 11 වැනිදා දක්වා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ද සහභාගී විය. ජාතික නිදහස් සැමරුමට සමගාමීව සංවිධානය වන මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.