Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජංගම දුරකථන 397ක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කොටුවෙයි

10 months ago

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, රුපියල් මිලියන 34කට වඩා වැඩි වටිනාකමකින් යුතු ජංගම දුරකථන තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අද (18) උදෑසන සිදු කර ඇත.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු (Suitcases) තුනක් පරීක්ෂා කිරීමේදී, ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විවිධ වර්ගයේ ජංගම දුරකථන 397ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් විය. මෙම උපකරණ මෙරටට ගෙන්වීමේදී අවශ්‍ය වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නිසි අනුමැතියක් ලබාගෙන නොතිබූ බව අනාවරණය වී ඇත.