Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධයක්

10 months ago

තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක මව්පියන් විරෝධතා ආරම්භ කර තිබේ.

අද (19) පෙරවරුවේ සිට “06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව” විසින් සංවිධානය කරන ලද මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඬ විරෝධතාවයක නිරත විය. තාවකාලිකව අත්හිටුවා ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මෙම විරෝධතාවයට සමගාමීව පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ද මව්පියන් වීදි බැස විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින සැබෑ ගැටලු පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව මෙම දෙමාපියන් විරෝධතාවල නිරත වන බවයි.

මේ අතර, ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ පන්දම් විරෝධතාවක් ඊයේ (18) රාත්‍රියේ රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී පැවැත්විණි. එහිදී වෙනත් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට බාධා කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ.