Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්!

10 months ago

අපරාධකරුවන්ට සහ ජාවාරම්කරුවන්ට සහාය දක්වන පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කරයි.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර පූජා නගරයේ ඉදිකරන ලද “රජරට සිසිල” කණිෂ්ඨ පොලිස් නිවස්නය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පොලිස් නිලධාරීන් සහ අපරාධකරුවන් අතර පවතින සබඳතා පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පතිවරයා එහිදී මෙසේ පැවසීය:

“පොලීසියයි, ජාවාරම්කාරයොයි, අපරාධකාරයොයි එකට ඉන්න බෑ. නිලධාරීන් ඒ තත්ත්වයට පෙළඹෙනවා නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න මම කිසිම ආකාරයකින් පැකිලෙන්නේ නැහැ.”

ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ නිලධාරීන්ගේ සුභසාධන පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් මෙම නව නිවස්නය ඉදිකර තිබේ. එය අනුරාධපුර පූජා නගරයේ අරිප්පු පාර, පළමු පටුමග ප්‍රදේශයේ පිහිටා ඇත.

අපරාධ මර්දනය සඳහා පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන්ම පිරිසිදු විය යුතු බවත්, ජාවාරම්කරුවන් සුරැකීමට කටයුතු කරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව විනයානුකූලව සහ නීත්‍යානුකූලව උපරිම පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.