බලධාරීන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා සිදු නොවීම සහ ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීමට එරෙහිව ලබන ජනවාරි 23 වැනිදා සිට දිවයින පුරා අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
රජය විසින් පොරොන්දු වූ එකඟතාවන් නිසි පරිදි ඉටු නොකිරීම හා පවතින ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සමඟ නිසි සාකච්ඡාවක් ලබා නොදීම මුල් කරගෙන මෙම දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹිමට තීරණය කළ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අද (19) රැස් වූ එම සංගමයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ඒකමතිකව ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් වූ නිල නිවේදනයද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
ජනවාරි 23 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවාවලට දැඩි බාධා එල්ල විය හැකි බවට අනතුරු ඇඟවේ.
