Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ රටම දන්නා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට වැඩ වරදී

10 months ago

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සහ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු වයස 43ක් වන, බොරැල්ලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු හික්කඩුවේ ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී (18) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට ආධාර කළ සහ පොලීසියට සාක්ෂි වසන් කළ අවුරුදු 44 සහ 55ක් වන ඇහැළියගොඩ පදිංචි පුද්ගලයන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශන අනුව, සැකකරු තම නිවසේ සේවිකාවක් වූ කාන්තාවක් පිරිසක් ඉදිරියේ නිරුවත් කර වීඩියෝ පටිගත කර, එය WhatsApp සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

පොලීසිය අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක් ලබාගෙන ඇත.

සැකකරු සිද්ධියෙන් පසුව ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගනිමින් පොලීසිය මඟ හරිමින් සිටි බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සිදු කරයි.