Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංගම බස් රථ රියදුරෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වෙයි

10 months ago

ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් හා මරණකරුගේ පාර්ශවයට මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස ද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර රියදුරාට නියම කර ඇත.

2017 වසරේ ජූලි මස 8වනදා ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 05ක් යටතේ අදාළ ලංගම රියදුරාට එරෙහිව නඩු පවරා තිබුණා.

එම නඩුවේ තීන්දුව ලබාදෙමින් අදාළ චෝදනා සඳහා විත්තිකරු වරදකරු බවට තීන්දු කළ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතල වැඩ සහිත සිර දඬුවමක්, දඩ සහ වන්දි නියම කර තිබෙනවා.

එමෙන්ම විත්තිකාර ලංගම රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමටද අධිකරණය නියෝග කර සිටියා.