Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

10 months ago

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබෙන නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම රිට් පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා විසින් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකුත් කළ නියෝගය බලරහිත (Invalid) කරන ලෙසයි.

පෙත්සමට අදාළ වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා එය ලබන 22 වනදා යළි කැඳවීමට නියම කළේය.