Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරු අවසන් අනතුරු ඇඟවීම නිකුත් කරයි

10 months ago

වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සහ දීමනා ගැටලු මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (22) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. ක්‍රමවත් ස්ථානමාරු කිරීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකරන මාරුවීම්වලට විරෝධය පළ කිරීම මෙහි අරමුණයි.

නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේ ද ක්‍රියාත්මක වන බව සංගමය තහවුරු කරයි.

පවතින ගැටලුවලට රජය නිසි විසඳුම් ලබා නොදුනහොත්, හෙට (23) සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

වර්ජනයට බලපෑ ප්‍රධාන හේතු:

  • වෛද්‍යවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම.
  • වෛද්‍ය ස්ථානමාරුවීම්වල පවතින අක්‍රමිකතා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල්වල සායනික කටයුතු සහ දෛනික ප්‍රතිකාර සේවාවලට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්වනු ඇතැයි වාර්තා වේ.