ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කල්දැමීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා පවසයි.
විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ලබන මස පළමුවනදා නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි. එහෙත් ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට මෙතෙක් නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව, අදාළ ප්‍රතිපත්තිය සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් ඉදිරි පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
