රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
රාගම නගරයේ පවතින අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රාගම නගරය හුදෙක් නගරයක් ලෙස පමණක් නොව, එය “සෞඛ්‍ය නගරයක්” සහ “අධ්‍යාපන නගරයක්” ලෙස පුළුල් සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.
විශේෂයෙන්ම නගරයේ පවතින තදබදය අවම කරමින් මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (Multimodal Transport Hub) ඉදිවන අතර, නගරයේ ක්‍රමවත් බව ඇති කිරීම සඳහා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
