දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ තද සුළං සහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
විශේෂයෙන් පස්වරු කාලයේදී ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තද වැසි ඇතිවිය හැක.දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, මාතර, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30-40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැක.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
