Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මරදන්කඩවල බිහිසුණු රිය අනතුරක්

10 months ago

යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදී අද සිදුවූ දරුණු රිය අනතුරකින් විදේශීය සංචාරකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු (09) තුවාල ලබා තිබේ.

අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ධාවනය වූ මෝටර් රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර වන අවස්ථාවේදී මෝටර් රථයේ ජර්මන් ජාතික සංචාරකයින් දෙදෙනෙකු ගමන් කරමින් සිටි බව පොලිසිය තහවුරු කරයි.

අනතුරින් තුවාල ලැබූවන් අතර පහත පිරිස වන බව වාර්තා වේ:

  • ජර්මන් ජාතික සංචාරකයින්: 02
  • මෝටර් රථයේ රියදුරු: 01
  • වෑන් රථයේ සිටි පිරිස: 06

තුවාලකරුවන් ප්‍රථමයෙන් මරදන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.