අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා වන ජනවාරි මාසයේ දීමනා මෙන්ම වැඩිහිටි දීමනා හෙට (28) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව ගෙවීම් සිදුකරන ආකාරය පහතින් දැක්වේ:
පළමු අදියරේ ප්‍රතිලාභීන් සඳහා:
- සාමාන්‍ය දීමනාව: ප්‍රතිලාභී පවුල් 1,415,584ක් සඳහා රුපියල් බිලියන 11.2කට අධික මුදලක්.
- වැඩිහිටි දීමනාව: ප්‍රතිලාභීන් 618,440ක් සඳහා රුපියල් බිලියන 3.09ක මුදලක්.
දෙවන අදියරේ ප්‍රතිලාභීන් සඳහා:
- සාමාන්‍ය දීමනාව: ප්‍රතිලාභී පවුල් 248,454ක් සඳහා රුපියල් බිලියන 2.2කට අධික මුදලක්.
- වැඩිහිටි දීමනාව: ප්‍රතිලාභීන් 68,183ක් සඳහා රුපියල් මිලියන 340කට අධික මුදලක්.
මේ අනුව, ප්‍රතිලාභීන්ට හෙට දිනයේ සිට තමන්ගේ බැංකු ගිණුම් හරහා අදාළ මුදල් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.
