Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර යාපාට එරෙහි නඩුවට අද දුන් නියෝගය

10 months ago

2014 වසරේදී ගංවතුර ආධාර සැපයීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් අනීතික ලෙස වැය කිරීමේ චෝදනාවට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.  

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, වැඩිදුර සාක්ෂි විභාගය ලබන පෙබරවාරි මස 18 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.

2014 දෙසැම්බර් 26 වනදා සිට 2015 ජනවාරි 26 වනදා දක්වා කාලය තුළ මෙම මුදල් අවභාවිතය සිදුව ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.