Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් පෙම මරණයකින් අවසන් වෙයි! 24 හැවිරිදි තරුණියට දිවි අහිමි වෙයි!

10 months ago

අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදී අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් 24 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ. ඊයේ (27) දහවල් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

මියගිය තරුණිය සහ ඇයගේ අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.