Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියතුමාට පහර දුන් සිද්ධියේ පොලිස් නිලධාරින් 6දෙනාට දුන් නියෝගය

10 months ago

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනා ඇපමත මුදා හැර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. 

එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදහැරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද සඳහන් වනවා.

සැකකාර පොලිස් නිලධාරින්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගේ තිදෙනෙකු පියතුමා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගෙන ඇති අතර ඉන් අයෙකු පහර දුන් බව ද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

සෙසු නිලධාරින් දෙදෙනා එම අවස්ථාවේදී ඒ අසල සිටි අය බවට ද පියතුමා ප්‍රකාශ කර තිබුණා.
‍
මේ සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.‍