Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

10 months ago

ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය (VRS) යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට, එම අයදුම්පත් නැවත ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් එළඹෙන ජනවාරි 30 වනදා දක්වා අවස්ථාව හිමිවන බව දැනුම් දී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සේවකයින් වෙත දන්වා ඇත.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ලබා දී ඇති මෙම අවස්ථාව හිමිවන්නේ, 2025 ඔක්තෝබර් 27 දිනට පෙර විශ්‍රාම ගැන්වීමේ අයදුම්පත් ඉදිරිපත් කර පසුව එම තීරණය වෙනස් කරමින් නව සමාගම සමඟ එක්වීමට කැමැත්ත පළ කරන සේවකයන්ට පමණි. ඒ අනුව, අදාළ අයදුම්පත් ඉල්ලා අස්කර ගැනීමේ ලිපි ලේඛන ජනවාරි 30 දින හෝ ඊට පෙර සාමාන්‍යාධිකාරී ශාඛාව වෙත ලැබිය යුතුය.

2026 ජනවාරි 30 වනදායින් පසුව එවැනි ඉල්ලීම් භාර නොගන්නා බවත්, එදිනට පසුව ඉල්ලුම්පත් ඉවත් කර ගැනීමට ඉඩ නොදෙන බවත් සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස සියලුම අංශ සහ ඒකක ප්‍රධානීන් වෙත ද උපදෙස් ලබා දී තිබේ.