Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් ලොක්කෝ 6 කට ස්ථාන මාරු

10 months ago

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක තනතුර දැරූ කේ .ඒ උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ එල් පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කොළඹ උතුරු කොට්ඨාස භාර නිලධාරියා ලෙසද ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ එන් ගුණවර්ධන මහතා මොණරාගල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට පොලිස් මූලස්ථානය වෙතද ,බී ඒ ආර් පුෂ්ප කුමාර මහතා කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂිත ගුවන්තොටුපොල පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසද ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එම් එස් බී වික්‍රමසිංහ මහතා පොලිස් මූලස්ථානයේ (අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂක) සිට මොණරාගල කොට්ඨාස භාර නිලධාරී ලෙස හා පොලිස් අධිකාරී සී ඩී ඉලංගකෝන් මහතා මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී ලෙසද පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව සිදු කළ මෙම ස්ථාන මාරු ඊයේ (30) දින සිට ක්‍රියාත්මකයි.