Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

10 months ago

මැදපෙරදිග පවතින යුද උණුසුමත් සමග අද (31) සිය තානාපති කාර්යාලය විවෘත කර තැබීමට තීරණය කළ බව මෙරට ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, උදෑසන 10.00 සිට පස්වරු 02.00 දක්වා පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට මෙලෙස තානාපති කාර්යාලය විවෘතව තැබෙන බවයි.

එමෙන්ම, පවතින යුද උණුසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කරගන්නා බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම, හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ජංගම දුරකතනයකටම තොරතුරු ලබා දීමට සලස්වා ඇති බවයි මෙරට ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.