බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදී හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 45 වියේ පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධ ව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
