Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරුන්ගේ ගැටලුවක් විසඳීමට සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වෙයි

10 months ago

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සෘජුව මැදිහත් වීමට තීරණය කර ඇත.

වෛද්‍ය නිලධාරීන්ගේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ඔවුන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීමටත් රජය ගෙන ඇති මෙම පියවර පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

ඒ අනුව, පාසල් ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් දුෂ්කරතාවලට පත්ව සිටින වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊ.සී.අයි. (ECI) අධ්‍යක්ෂ එරංගා ජයවර්ධන මහත්මිය වෙත යොමු කළ හැකිය.

මේ සඳහා 0112 67 50 11 යන දුරකතන අංකය හෝ එහි දිගු අංක (Extension) 173 ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.