මහනුවර ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය එහි පුරාවිද්‍යාත්මක වටිනාකම සුරැකෙන පරිදි නවීන පන්නයේ සංචාරක හෝටල් සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
දශකයකට අධික කාලයක් ප්‍රමාද වී තිබූ මෙම ව්‍යාපෘතිය, ගොඩනැගිල්ලේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට හෝ ඉදිරිපස පෙනුමට කිසිදු හානියක් නොවන පරිදි ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මෙම සංවර්ධන කටයුතු මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සහ පුරාවිද්‍යාත්මක කොන්දේසිවලට යටත්ව සිදු කිරීමට සැලසුම් කර ඇත.
ගාලු කොටුව තුළ ක්‍රියාත්මක වන සංරක්ෂණ ක්‍රමවේදයට සමාන ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරන අතර, ඒ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ සුදුසු ආයතනයක් තෝරා ගැනීමට නියමිතය.
