Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති පුටුව මාලිමාවට

10 months ago

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරන චින්තක හේවාපතිරණ මහතා අද පැවැති ඡන්ද විමසීමේදී තේරී පත්වී තිබේ.

එහිදී ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය. ඒ අනුව එක් වැඩි ඡන්දයකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය සතු විය.

ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වූයේ එහි හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් 22 වනදා සභාපති නිල මැදිරිය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙනි. එම සිදුවීමෙන් පසු පුරප්පාඩුව පැවති සභාපති ධුරය සඳහා මෙම නව පත්වීම සිදුකර තිබේ.