ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (02) පෙරවරුවේ සිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ගුරු සංවර්ධන නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සමඟ එක්ව මෙම විරෝධතාව සිදු කරන බවයි ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද 08 වන දිනටත් පැවැත්වෙන අතර, පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙස ඉල්ලමින් ඔවුන් පසුගියදා ආරම්භ කළ සත්යග්රහය පසුව මාරාන්තික උපවාසයක් දක්වා තීව්ර කර තිබුණා.
