Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමන් බලන්න රනිල් බන්ධනාගාරයට යයි

10 months ago

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (30) නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා සහ සමන් ඒකනායක මහතා අතර පැයකට ආසන්න කාලයක් සුහද කතාබහක් පවත්වා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ලේකම්වරයා ලබන පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව ඔහු දැනට නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියි.