වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ලබන මාර්තු 31 වනදා සිට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් සිදුකළ යුතු බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නිවේදනය කරයි. ඒ අනුව මින් ඉදිරියට කඩදාසි පෝරම මඟින් එම ප්‍රකාශ ලබාදීම අවශ්‍ය නොවන බව එම කොමිසම අවධාරණය කර සිටියි.
අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන ciaboc.gov.lk හරහා පමණක් සිදුකළ යුතුය. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය වෙත පිවිසීමට වෙනත් කිසිදු බාහිර දිගුවක් (Link) හෝ ක්‍රමවේදයක් භාවිත නොකළ යුතු බවට ද දැනුම් දී තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන අනුව මෙම නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්ථාපිත කර ඇත. පනතේ 80(1) වගන්තිය යටතේ වත්කම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින සියලුම පුද්ගලයන් පනතේ 82(1) වගන්තිය ප්‍රකාරව පහත ප්‍රකාශයන් මෙම පද්ධතිය හරහාම සිදුකළ යුතුය:
- පළමු පත්වීම් ප්‍රකාශය
- වාර්ෂික ප්‍රකාශය
- ධුර කාලය අවසානයේ හෝ විශ්‍රාම යාමේදී සිදුකරන ප්‍රකාශය
- පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය
- තක්සාය සහ මැතිවරණ ප්‍රකාශයන්
