මොරන්තුඩුව ගෝනදුව රෝහල ඉදිරිපිටදී අද (3) පස්වරුවේ මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියදුරු මියගිය බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි
අනතුරින් මියගොස් ඇත්තේ බෝම්බුවල ගල්වලවත්ත පදිංචිව සිටි 45 හවිරිදි අයෙක්.
ලොරි රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබියදී බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් ලොරිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් බරපතල තුවාල ලද මෝටර් රථ රියදුරු සුව සැරිය ගිලන්රථයෙන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෝටර් රථ රියැදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසියේ සැකකරනවා.
