කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පස්වරුවේ එක්විය.
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවූ මෙම සර්වඥ ධාතූන් වහන්සේලා පිළිගැනීමේ ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා මෙහිදී සහභාගි විය.
ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද දහවල් දිවයිනට වැඩම කරවූ මෙම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ගුවන්තොටුපොළේ සිට විශේෂ පෙරහරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.
මෙම ධාතූන් වහන්සේලා මෙරට ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසීම දෙරට අතර පවතින සංස්කෘතික සහ ආගමික සබඳතාවල සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
