Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිරිමි ළමුන් 36 ක් අපයෝජනය කළ ප්‍රකට ව්‍යාපාරිකයෙකු හා ඉංජිනේරුවෙකු අල්ලයි

10 months ago

බාල වයස්කාර පිරිමි ළමයින් 36 දෙනෙකු අපයෝජනයට ලක් කළ ව්‍යාපාරිකයෙකු සහ තවත් සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

මේ සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එම අපයෝජන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පොල්තෙල් ව්‍යාපාරිකයෙකු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු සමග සිටින තවත් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම අපයෝජන ක්‍රියාවලිය සිදුකරගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථා ඔවුන් විසින් රූගත කර ඇති අතර, පොල්තෙල් ව්‍යාපාරිකයා ළඟ තිබි ඊට අදාළ දර්ශන ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අදාළ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරින බවට බියවද්දමින් වරින්වර එම ළමයින් ගෙන්වාගෙන අපයෝජනය සිදුකර ඇති බවට ද අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ළමුන් අපයෝජනය සඳහා ඔවුන් විසින් ස්ථාන තුනක් යොදාගෙන ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධතා ගොඩනගා ගනිමින් ඔවුන් විසින් මෙම අපයෝජන සිදුකරගෙන ගොස් ඇති බවයි.

එසේම, අපයෝජන සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයෙක් සමග තවත් සැකකරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
(source – hiru news)