Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයක

10 months ago

අවුරුදු 03 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ජාතික පාසල්වල අධ්‍යන සහ අනධ්‍යය කාර්ය මණ්ඩලවල දරුවන් තමන් සේවය කරන ජාතික පාසලට ඇතුළත් කරගැනීමට තිබූ වරප්‍රසාද යළි ක්‍රියාත්මක කර දෙන ලෙස ඉල්ලා ජාතික පාසල් ගුරු දරුවෝ එකමුතුව අද සාමකාමී විරෝධතාවක් පැවැත්වුවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලය අසළයි.

ඔවුන් එහිදී ඉල්ලා සිටියේ සිය ගැටලුවලට විසදුම් ලබා ගැනීම සදහා ජනාධිපවරයාගෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසටයි.

සිය දරුවන් ද සමගින් ඔවුන් මෙම විරෝධතාවයට පැමිණ සිටියා.

එමෙන්ම, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් කොළඹ අද කැඳවා තිබූ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ පාසල් රැසක ගුරු පුරප්පාඩු මේ වනවිට පවතින බවයි.