Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විගණකාධිපතිනිය, කථානායකවරයා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙයි

10 months ago

ශ්‍රී ලංකාවේ 42 වැනි විගණකාධිපතිවරයා ලෙස පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය, අද (05) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම් දුන්නාය.

ජාතික විගණන පනතේ 9 වැනි වගන්තියට ප්‍රකාරව ඇය මෙලෙස දිවුරුම් දුන් අතර, ඒ අනුව ඇය ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති ධුරයට මෙන්ම විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරයට ද නිල වශයෙන් පත් කෙරුණි.

මෙම පත්වීම ශ්‍රී ලංකාවේ විගණන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ, වසර ගණනාවක ඉතිහාසය තුළ විගණකාධිපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව ඇය වීම හේතුවෙනි.