මහජන චීන සමූහාණ්ඩුවේ මූල්‍ය හා තාක්ෂණික ආධාර මත නවීකරණය කරන ලද කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය අද (05) පස්වරුවේ නිල වශයෙන් විවෘත කෙරුණා.
ඒ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong ඇතුළු පිරිසක් සහභාගී වුණා.
