Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

10 months ago

එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය නිවේදනය කරයි.

මෙම විශේෂ වැඩපිළිවෙළ හෙට (පෙබරවාරි 07) සිට මාර්තු මස 08 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන මුළු කාලය පුරාම ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම රථවාහන සැලැස්ම ප්‍රධාන වශයෙන්ම තරග පැවැත්වෙන මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගණය අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සැලසුම් කර ඇත.

තරගාවලිය නැරඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, නගරයේ සිදුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

ඒ අනුව, තරග පැවැත්වෙන දිනයන්හිදී අදාළ ක්‍රීඩාංගණ අවට මාර්ගවල ගමනාගමනය සීමා වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බැවින්, මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රථවාහන කොට්ඨාසය උපදෙස් ලබා දෙයි.

විශේෂයෙන්ම තරග ආරම්භ වන සහ අවසන් වන කාලසීමාවන් තුළ මෙම මාර්ගවල ගමන් කිරීමේදී කල්වේලා ඇතිව සැලසුම් කරන ලෙසද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.