ගාල්ල, පින්නදුව අධිවේගී පිවිසුම් මාර්ගයේ නුගදුව විදුලි සංඥා කණුව ආසන්නයේදී ඊයේ (05) රාත්‍රියේ සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පින්නදුව සිට ගාල්ල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ ඉදිගස්දෙණිය, වලහන්දුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයායි.
එම අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් කළ තවත් 23 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා මේ වන විට ගාල්ල ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෝටර් රථයට මෙන්ම යතුරුපැදියට ද දැඩි හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 28 හැවිරිදි තරුණයා අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.
