වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතාව පත් කර තිබේ.
මෙම පත්කිරීම සිදු කර ඇත්තේ එම ඒකකයේ වගකීම් දරන සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා දැනට අසනීප තත්ත්වයක් හේතුවෙන් රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙනි.
ඒ අනුව, රොහාන් ඕලුගල මහතා සුවය ලබා නැවත රාජකාරියට වාර්තා කරන තෙක් එම ධුරයේ වැඩබැලීමේ වගකීම ආරියවංශ මහතා වෙත පැවරේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.සී ආරියවංශ මහතා මේ වන විට අපරාධ විමර්ශන කාර්යාංශයේ (CID) අධ්‍යක්ෂවරයා ලෙස ද සිය රාජකාරි ඉටු කරමින් සිටියි.
