සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව එල්ල වූ චෝදනාවක් මත පදනම්වය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කරන පරිදි, වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
මෙම නිලධාරීන් දෙදෙනා සිය බලතල ඉක්මවා යමින් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.
