Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටිල්වින් සහ ජයශංකර් අතර හමුවක්

10 months ago

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ මෙරට නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර නිල හමුවක් නව දිල්ලි නුවරදී පැවැත්විණි.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම විශ්වාසවන්ත සහ සැබෑ සහකරුවෙකු ලෙස පෙනී සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

මෙම හමුව සම්බන්ධයෙන් ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එස්. ජයශංකර් මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සමඟ ඉතා සුහදශීලී සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වූ බවයි.

දෙරට අතර පවතින ගැඹුරු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡාව මනා පිටිවහලක් වූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.