Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් පිත්තකින් පහරදී 21 හැවිරිදි තරුණයෙකුව එලොව යැවූ පිරිසට වැඩ වරදී

9 months ago

රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ පෙරේදා (05) සවස පදිංචි පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර පහර කෑමට ලක්වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ක්‍රිකට් පිත්තකින් සහ විකට් පොලු මඟින් සිදු කළ පහරදීමක් හේතුවෙන් 21 හැවිරිදි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පවුල් දෙකක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ අනුව එම සිද්ධියට අදාළව කාන්තාවන් හතර දෙනෙක් සමග තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකරුවන් පිරිස අතර සිටි බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනා මාකොළ පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය වෙතටත් අනෙක් බාලවයස්කාර සැකකාරිය රීදිතැන්න පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය වෙතටත් යොමු කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අනෙක් සැකකාරියන් පිරිස ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.