Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය සිසුවෙක් මුහුදට බිලිවෙයි

9 months ago

තංගල්ල මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .

දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්ස ,පොල්අතු මෝදර පදිංචි 21 හැවිරිදි වෛද්‍ය සිසුවෙකි.

ඔහු පවුලේ ඥාතී තරුණයන් කිහිප දෙනකු සමග මාවැල්ල ප්‍රදේශයේ පිහිටි පවුලේ ඥාතී නිවසකට ගොස් සිටියදී මුහුදේ නෑමට ගොස් රළ පහරකට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.