හැටන්, බගවන්තලාව ප්‍රදේශයේ භට නිවස්නයක් තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළ මෙම නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ මෙම ප්‍රහාරයෙන් උදරයට බරපතල තුවාල ලැබූ අනෙක් කොස්තාපල්වරයා මේ වන විට නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
බගවන්තලාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
