Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් අණ නොතකා ගිය වෑන් රථයකට වෙඩි! තරුණයෙකු ජීවිතක්ෂයට!

9 months ago

යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ වෑන් රථය අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් සංඥා නොසලකා හරිමින් ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

සිද්ධිය වන අවස්ථාවේ වෑන් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් නල්ලූර් සහ වඩ්ඩුකෝට්ටෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

කයිට්ස් පොලිසිය විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි