නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන ගුරුවරයෙකු නානුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් මෙම පාසලේදී පසුගිය (05) වැනිදා අදාළ ගුරුවරයා සිසුවියට පහර දී තිබුණා.
පහර කෑමෙන් පසු නිවසට පැමිණි සිසුවියට හිසරදය, කරකැවිල්ල සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ මතු වීම නිසා දෙමව්පියන් කළ විමසීමකදී මෙම අමානුෂික පහරදීම පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව දෙමව්පියන් නානුඔය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
පහර කෑමට ලක් වූ සිසුවිය පවසා ඇත්තේ, එම ගුරුවරයා නිරන්තරයෙන් සිසුන්ට වාචිකව අපයෝජනය කරමින් හිරිහැර කරන බවයි.
“එදින මගේ කම්මුලට සහ කන් ප්‍රදේශයට දරුණු ලෙස පහර දුන්නා. පසුව මගේ හිස මේසය මත තබා වැලමිටෙන් පිටට පහර දුන්නා. වේදනාව දරාගත නොහැකි වූ නිසා පාසල අවසන් වනතුරු මට මුත්‍රා පිට වුණා,” යනුවෙන් එම සිසුවිය වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ ගුරුවරයා මීට පෙරද සිසුවෙකුට පොල්ලකින් පහර දී ඇති බවත්, ඔහු පාසලේ බොහෝ දරුවන්ට මේ අයුරින් නිරන්තරයෙන් පීඩා කරන බවත් අනෙකුත් දෙමව්පියෝ ද චෝදනා කරනු ලබනවා.
කෙසේවෙතත් පැමිණිල්ලට අනුව විමර්ශන මෙහෙයවූ නානුඔය පොලිසිය 06 වැනිදා රාත්‍රියේ සැකකාර ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව 07 වැනිදා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
