ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලබා දී තිබූ අනුමැතිය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.
සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කර තිබූ අදාළ අනුමැති ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද සලකා බලනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයා අධිකරණයට දන්වා සිටියේ එම මතභේදාත්මක ලිපිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවයි.
නීතිපතිවරයාගේ මෙම දැනුම් දීමෙන් අනතුරුව, අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන මාර්තු මස 04 වැනිදා නැවත කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
