විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) නුවරඑළියේදී පැවැත්වේ.
මලෛගම් ජනතාව මුහුණ දෙන ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා සියලු පාර්ශව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වතුකරයේ ජනතාව මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගෙන ඔවුන් සමාජීය හා ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම මෙම වැඩසටහන හරහා අපේක්ෂා කරන බවයි.
මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් මලෛගම් ප්‍රජාව තුළ පවතින සමාජීය පසුබෑම වැළැක්වීම සඳහා රජයේ සක්‍රීය දායකත්වය මෙහිදී අවධාරණය කිරීමට නියමිතව තිබේ.
මීට සමගාමීව, විෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සුවිශේෂී සහ සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරීන් 62 දෙදෙනෙකු ඇගයීමට ලක් කිරීම ද ජනාධිපතිවරයා අතින් අද දිනයේ සිදු කෙරේ.
