Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට සිට කාලගුණයේ වෙනසක්

9 months ago

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ පැවති වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (12) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි වුවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ද ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

දිවයින වටා සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 30-40ත් අතර අගයක පවතී.

කෙසේ වෙතත්, කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45-50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.