2022 මැයි 09 වන දින නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද පෙරවරුවේ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග විය.
2022 වසරේ රට තුළ පැවති අරගලකාරී වාතාවරණය මධ්‍යයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මෙලෙස ඝාතනයට ලක් විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබූ අතර, දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා කිහිපයකදී කල් තැබිණි.
පසුගිය ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ මෙම තීන්දුව, අධිකරණයේ තීරණයකට අනුව අද දින දක්වා කල් තැබීමට පියවර ගෙන තිබුණි.
